ඔබගේ සායන පැමිණීම
ඔබගේ ගර්භනී තත්වය නිරන්තරෙන් පරික්ෂා කීරීම සදහා සායන සදහා පැමිණීම අනිවාර්ය වේ . ඔබේ ගමේ සහ රෝහලේ පැවෙත්වෙන සායන සදහා ලබා දී ඇති දින වලදී සහභාගී වීම අවශ්‍ය වේ.
ඔබට සායන දින ලබා දීම ඔබගේ වෛද්‍ය තත්වයන් අනුව තීරණය වේ . සාමාන්‍යයෙන් සායන සදහා ඔබ සහභාගී විය යුතු ආකාරය පහත දැක්වේ.
- ගර්භයට සති 28 දක්වා මාසයකට වරක්.
- ගර්භයට සති 29 සිට 36 දක්වා සති 2 කට වරක්
- ගර්භයට සති 37 සිට ප්‍රසුතිය දක්වා සතියකට වරක්
සායනයේදී සිදුවන්නේ කුමක්ද ?
සායනයේදී ඔබගේ සහ කුසතුල සිටින දරුවාගේ ආරක්ෂාව සදහා ඔබව පරික්ෂා කරනු ලැබේ. ගර්භනී කාලයේදී ඔබ දැනගත යුතු පෝෂණය, ආරක්ෂාව, ව්‍යායාම සහ සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සිදුකෙරේ. පුර්ව ප්‍රසව සායනයේදී සිදුවිය හැකි ක්‍රියා කාරකම් කීපයක් පහත දැක්වේ.
- බර මැනීම
- රුධිර පීඩන පරික්ෂාව
- දරුවාගේ වර්ධනය මැනීම සදහා ගර්භයේ උස මැනීම
- මවගේ රෝග තත්වයන් හදුනා ගැනීම සදහා පරික්ෂාව
- මුත්‍රා පරික්ෂාව – සීනි සහ ප්‍රෝටීන සදහා
- දරුවාගේ හෟද ස්පන්දන වේගය සලකුණු කීරීම
- රෝග තත්ත්වයන් හදුනා ගැනීම සදහා කෙරෙන රුධිර පරීක්ෂා
- ස්කෑන් පරීක්ෂණ
ඔබ සායනයට සහභාගී වූ විට ලබා දෙන්නා වූ උපදෙස් නිසියාකාරව පිළිපැදීම තුලින් ඔබගේත් දරුවාගේත් ආරක්ෂාව තහවුරු කිරීමට අපට සහය වන්න. ඔබට අවශ්‍ය උපදෙස් තවදුරටත් ලබාගැනීම සදහා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය වෙත පැමිනෙන්න.