ගැබ් ගැනීමට පෙර
ගර්භනී කාලය ඔබගේ ජිවිතයේ විශේෂිත කාල වකවානුවකි . ඒ සදහා හොදින් සුදානම්ව මුහුණ දීම ඔබගේත් දරුවාගේත් සෞඛ්‍ය ආරක්ෂාවට හේතු වේ. ඔබගේ දරුවා පිලසිද ගැනීමට ප්‍රථම ඔබගේ වෛද්‍යවරයා මුණගැසී අවශ්‍ය උපදෙස් ලබා ගත හැක.
- පරිසරයෙන් ඇති අවදානම අවම කිරීම
ඔබ රාජකාරී කරන ස්ථානයේ හෝ නිවසේ රසායනික ද්‍රව්‍ය, විසබීජ හෝ විකරනශීලි ද්‍රව්‍ය සමග ගැටෙනම් ඔබගේ ගර්භනී කාලයේදී එවන් ස්ථාන වලින් අත්වි සිටින්න. ඔබ ගෙවත්තේ වැඩකරන්නේ නම් හෝ සුරතල් සතුන් ඇති කරන්නේ නම් ඔබගේ දෑත් හොදින් සෝදා අනෙකුත් කාර්යන් සදහා යොමුවන්න. ටොක්ස්සෝප්ලස්මොසිස් නමින් හදුන්වනු ලබන ඔබගේ දරුවාට භයානක රෝග තත්වයක් බළලුන්ගේ අසුචි මාර්ගයෙන් බෝවීම වැලැක්වීම සදහා මෙලෙස ඔබ පරික්ෂාකාරී විය යුතුය.
- ආහාර
දරු පිළිසිද ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ එළවලු පලතුරු සහ කිරි අඩංගු සමබර ආහාරවේලක් ලබා ගැනීමට උත්සහ දැරිය යුතුය. දරුවාගේ වර්ධනයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබාගැනීමට මෙය හේතු වේ. පිසනොගත් මස්, ජීවානුහරණය නොකරනලද කිරි හා පිරිසිදු නොකරන ලද එළවලු පලතුරු ආදිය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
- ෆෝලික් ඇසිඩ්
කළලයේ ඇතිවන මාධ්‍ය ස්නායු පද්ධතිය සම්බන්දන අසාමාන්‍ය තත්වයන් වලක්වා ගැනීමට ෆොලික් ඇසිඩ් උදවු වන බව පරීක්ෂණ මගින් සනාථ කරගෙන තිබේ. ඔබ දරු පිළිසිද ගැනීමක් බලාපොරොත්තු වන කාලයේ සිටම ෆොලික් ඇසිඩ් පෙති දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ. ස්නායු අබාධ සහිත දරුවන් ඉපදීමට වැඩි ඉඩක් ඇති මවුවරුන් සදහා ඉහළ මාත්‍රාවකින් ෆොලික් ඇසිඩ් ලබාදීම සිදුකෙරේ.
- ශරීරයේ බර
ඔබ තරබාරු බවෙන් පෙළෙන්නේ නම් පිළිසිද ගැනීමකට පෙර බර අඩුකර ගැනීම යෝග්‍ය වේ. බර අඩුකර ගැනීමෙන් නොමේරු ළදරුවන් බිහිවීමේ අවදානම අඩුවීම, දියවැඩියාව, සීසර් ශල්‍ය කර්මය, අධි රුධිර පීඩනය ආදී රෝග තත්වයන් ගේ අවදානම අඩුවීම මෙන්ම දරු පිළිසිද ගැනීමකට අවස්ථාව වැඩි වීමද සිදුවේ. මෙලසම නියමිත ශරීර බර ප්‍රමාණය නොමැති මවුවරුන්ට දරු පිළිසිද ගැනීම දුෂ්කර විය හැක.
ඔබ ශරීරයේ බර පිලිබදව ගැටලුවකින් පසුවන්නේ නම් දරු පිළිසිද ගැනීමකට ප්‍රථම ආහාර නිරීක්ෂයෙකුගේ(Dietition) සහය ලබා ගන්න.
- ව්‍යායාම
ඔබ දිනපතා සාමාන්‍ය ව්‍යායාම වල නිරත වන්නේ නම් ඔබගේ ව්‍යායාම දිගටම පවත්වා ගෙන යා හැක. ඔබ දැනට ව්‍යායාම නොකරන්නේ නම් දරු පිළිසිද ගැනීමකට ප්‍රථම සාමාන්‍ය ව්‍යායාම් ආරම්භ කල හැක. ගර්භනී කාලයේදී ශරීරය අධික ලෙස වෙහෙස කරනා ව්‍යායාම් හෝ අනෙකුත් ක්‍රියා කාරකම් වල යෙදීම නොකල යුතුය.
හුමාල ස්නානය කිරීම(Sauna) හෝ අධි උණුසුම සහිත නාන තටාක (Bath tubs) භාවිතය ගර්භනී කාලයේදී නොකළ යුතුය.
- මද්‍යසාර හා දුම්බීම
මද්‍යසාර, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිසා ඔබගේ දරුවාගේ උපත් ආබාධ ඇතිවේ. ඔබ මේවාට ඇබ්බහි වී සිටීනම් එයින් මිදීමට වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න.
- ඖෂධ
සියලුම ආකාරයේ ඖෂධ හැකි තාක් අඩුවෙන් භාවිතා කිරීමට උත්සහ ගත යුතුය. ඔබ දිනපතා ඖෂධ ගන්නේ නම් ඒවා වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කල යුතුය.
- කල්පවතින රෝගාබාධ
ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෳද රෝග ආදි කල්පවතින රෝගාබාධ වලින් පීඩා විදින්නේ නම් දරු පිළිසිදගැනීමකට පෙර ඔබගේ වෛද්‍යවරයා මුණගැසීම අනිවාර්ය වේ. සමහර රෝගාබාධ වලදී දරු පිළිසිද ගැනීම් නිසා ඔබගේ ජිවිතයට පවා තර්ජනයක් සිදුවිය හැක.
- බෝවෙන රෝග
ගර්භනී කාලයේදී ප්‍රථම මාස තුන තුල වැළදෙන සමහර වයිරස් රෝගාබාධ ඔබ කුස තුල සිටින දරුවාට අහිතකර ලෙස බලපෑ හැක. රුබෙල්ලා සහ පැපොල සැදීම වැලක්වීමට එන්නත් ලබගත්හැක. ඔබ මීට පෙර මෙම එන්නත් ලබා ගෙන නොමැති නම් ගැබ් ගැනීමට අවම වශයෙන් මස 3 කාටවත් පෙර මේ එන්නත් ලබා ගන්න. හෙපටයිටිස් රෝගය සදහා එන්නත් ලබා ගැනීම, ඔබ රෝගය වලදීමෙ අවදානම් කාණ්ඩය සිටීනම් කලයුතුය. දැනට රුබෙල්ලා සහ හෙපටයිටිස් සදහා වන එන්නත් ජාතික ප්‍රතිශක්තිකරන වැඩසටහනට ඇතුල් කොට ඇත.
- වයස
මවගේ වයස වැඩිවීමත් සමග ඔබගේ දරුවාට බලපෑ හැකි වර්ණදේහ සම්බන්ධ රෝගාබාධ වල ඉහල යාමක් දැකිය හැක. මීට අමතරව ඔබේ සරුභාවය අඩුවිය හැක. ගබ්සා වීම්, ෆයිබ්රෝයිඩ්, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝගාබාධ සදහා අවදානම ඉහල යයි. මෙ හේතුන් නිසා වයස අවුරුදු 35 වීමට ප්‍රථම ඔබගේ පවුල සම්පූර්ණ කිරීමට උත්සහ ගන්න.
- ජානමය රෝග පිළිබද උපදෙස්
ඔබට මීට පෙර අවස්ථා වලදී ජානගත රෝගවලින් පෙලෙන දරුවන් ලැබී තිබේනම් හෝ ඔබගේ පවුලේ ජානගත රෝග තිබේනම් (තැලසීමියා වැනි) නැවත පිළිසිද ගැනීමට පෙර ජානමය රෝග පිළිබද උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ. ඔබ තැලසීමියා රෝගය බහුලව දැකිය හැකි කුරුණෑගල වැනි ප්‍රදේශයක පදිංචි කෙනෙකු නම් ඔබගේ සහ ඔබගේ සහකරුගේ රුධිර පරීක්ෂාවන් විවාහයට පෙරම සිදුකර ගැනීම යෝග්‍ය වේ.